වයෝවෘද්ධ කතක් රවටා මුදල් ලබාගත් සිසුවියක් අත්අඩංගුවට


ඇය කගාවා ප්‍රාන්තයේ තුන්වන වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවියකි.

.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් සැකපිට 15 හැවිරිදි කගාවා ප්‍රාන්තයේ තුන්වන වසරේ කනිෂ්ඨ උසස් පාසල් සිසුවියක් ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් ඊයේ(21) අත්අඩංගුවට ගෙන ඇත.  

ඇය යෙන් 500,000 ක පමණ මුදලක් වංචා කර ඇති බව පැවසේ.

අදාල ශිෂ්‍යාව තවත් පුද්ගලයෙකු සමඟ හවුල් වී නගර නිලධාරියෙකු බව පවසමින් 70 හැවිරිදි නේයගාව ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට කතා කර ඇය රවටා ඇගේ ATM කාඩ්පතෙන් මෙම මුදල ලබාගෙන ඇති බවට සැක කෙරේ.

පසුව අසල තිබූ ආරක්ෂිත කැමරාවක දර්ශනවලින් අදාල සිසුවිය හඳුනාගැනීමට පොලිසියට හැකිවිය.

105 Views

Comments