රේල් පීල්ලක් කැඩී දුම්රිය ගමනාගමනයට බාධා


රේල් පීල්ල කැඩීයාමෙන් සෙන්ටිමීටර 4ක පමණ හිඩැසක් ඇති වී තිබේ.

.

ඊයේ(22) සවස 4:35 ට පමණ Ibaraki ප්‍රාන්තයේ Ookashira, Moriya නගරයේ Tsukuba Express (TX) හි Moriya සහ Kashiwa Tanaka දුම්රිය ස්ථාන අතර රේල් පීල්ල කැඩී ඇති බව අනාවරණය විය.

පීල්ල කැඩීයාමෙන් සෙන්ටිමීටර 4ක පමණ හිඩැසක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

මේ හේතුවෙන් මෙට්‍රොපොලිටන් ප්‍රදේශයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා කැඩුණු කොටස පිළිසකර කිරීම ආරම්භ කරන ලදී.

කෙසේනමුත් රාත්‍රී 9.00 වන විට සියලුම දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කෙරුණි.

 

109 Views

Comments