මංකොල්ලකෑමකට සම්බන්ධ පස්දෙනෙක් අත්අඩංගුවට


ඔවුන් වයස අවුරුදු 16 ත් 19 ත් අතර පසුවන්නන් වේ.

.

ඉසුමිසානෝ නගරයේ දී 19 හැවිරිදි තරුණයෙකු මෝටර් රථයකට බලහත්කාරයෙන් නංවාගෙන ඔහුට පහර දී ඔහුව මංකොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 16 ත් 19 ත් අතර සැකකරුවන් පස් දෙනෙකු ඕසකා ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය ඉරිදා අලුයම 3.30 ට පමණ මෙම පුද්ගලයා පදික වේදිකාවක් දිගේ යමින් සිටියදී සැකකරුවන් පස් දෙනා ඔහුව අල්ලාගෙන ඇති බව පොලිසිය පැවසීය.  

ඔවුන් විනාඩි 30 ක් පමණ අදාල පුද්ගලයාට පහර දී ඔහුගේ ස්මාර්ට් ජංගම දුරකථනය සොරකම් කර තිබේ.

 

124 Views

Comments