චීනයේ හුනාන් පළාතේ Changsha නගරයේ ප්රාදේශීය ජාතික ආරක්ෂක බලධාරීන් විසින් රඳවාගෙන සිටින 50 හැවිරිදි ජපන් ජාතිකයෙකුට අතරමැදි මහජන අධිකරණයක් මගින් වසර 12 ක සිරදඬුවමක් නියම කර තිබේ.
මෙම පුද්ගලයා ඔත්තු බැලීමේ ක්රියාකාරකම් සිදු කළ අයෙකු බවට හඳුනාගෙන ඇති නමුත් ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.
2016 වසරේ සිට චීනය විසින් ජපන් ජාතිකයින් 10 දෙනෙකුට මෙලෙස ඔත්තු බැලීම සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර ඇති අතර මෙම තීන්දුවත් සමඟ ඔවුන් සියලු දෙනාටම සිර දඬුවම් නියම විය.