පොලිසියට නිකරුණේ දුරකථන ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට


ඔහු 3,900 වතාවක් පමණ පොලිස් ස්ථානයට දුරකථන ඇමතුම් ලබාදී තිබේ.

.

ෂිගා ප්‍රාන්තයේ ඔට්සු හි පොලිසිය විසින් 69 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ඔහු 3,900 වතාවක් පමණ නැවත නැවතත් පොලිස් ස්ථානයට දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙනුයි.

පොලිසියට අනුව 2022 ඔක්තෝබර් 18 සහ පෙබරවාරි 8 අතර ෂිගෙකි ටෂිමා මෙම ඇමතුම් ලබා දී තිබේ.  

ඇමතුම් කිසිදු හදිසි අවස්ථාවක්, උදව් ඉල්ලීමක් හෝ අපරාධ‍යක් සම්බන්ධව නොවීය.

පොලිසිය පැවසුවේ ටෂිමා දිවා රාත්‍රී මුළුල්ලේම පොලිස් ස්ථානයට අමතන බවත් විනාඩි 20ක් තරම් කාලයක් කතා කරන බවත්ය.

63 Views

Comments