2019 මැයි 28 වන දින උදෑසන 7.40 ට පමණ Noborito දුම්රිය ස්ථානයට මීටර් 250 ක් පමණ දුරින් පිහිටි උද්‍යානයක් අසලදී 51 හැවිරිදි Ryuichi Iwasaki නම් පිහි දෙකක් සහිතව සිටි ප්‍රහාරකයෙකු විසින් බස් නැවතුමේ රැඳී සිටි ළමයින් සහ දෙමාපියන් කිහිපදෙනෙකු ඝාතනය කරමින් සිදුකළ අමානුෂික ප්‍රහාරයේ ත්‍රිත්ව වර්ෂ පූර්ණ අනුස්මරණය ඊයේ දිනට යේදී තිබිණි .
Kanagawa ප්‍රාන්තයේ Kawasaki හි Caritas පෞද්ගලික ප්‍රාථමික පාසල විසින් මැයි 28 වන සෙනසුරා දින ඝාතනයෙන් මියගිය සියලුදෙනා අනුස්මරණය කරමින් දිව්‍ය පූජාවක් පැවැත්වූ අතර ප්‍රදේශවාසීන් ප්‍රහාරය සිදු වූ බස් නැවතුමේ මල් තබා ඔවුන් සිහිපත් කළහ.
Caritas පාසලේ ඉගෙනුම ලබමින් සිටි 11 හැවිරිදි Hanako Kuribayashi සහ තවත් සිසුවෙකුගේ පියෙකු වූ 39 හැවිරිදි Satoshi Oyama මෙහිදී ඝාතනයට ලක්වූ අතර තවත් ළමුන් 18 දෙනෙකු සහ ඔවුන්ගේ දෙමාපියන් ද තුවාල ලැබීය.