නවතම පර්යේෂණ ප්‍රතිඵල අනුව omicron වෛරසය මාර්ග හතරකින් ජපානයට ඇතුළු වී ඇති බව තහවුරු වී ඇත.
ආසාදිතයන් ගෙන් රැස්කරගත් වෛරස සාම්පල 2650 කින් පමණ සිදුකළ පර්යේෂණ වලින් තහවුරු වී ඇත්තේ මේ වෙන විට ජපානය ඔමික්‍රෝන් වෛරසය ආකාර හතරකින් පවතින බවත් එය මාර්ග හතරකින් ජපානයට ඇතුළු වී තිබිය හැකි බවත්ය.
ජපානයේ බහුලව පැතිර යන වෛරස ප්‍රභේදය බොහෝදුරට ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ පැතිර යන ප්‍රභේදයට සමාන බව පර්යේෂණවලින් සනාථ වී ඇත.