Taro Okamotoගේ Tower of the Sun මූර්තියට හානි කළ අයෙක් පොලිස් භාරයට


ඔහු ඊයේ(23) සවස 4.45 ට පමණ මූර්තියට හානි කර ඇත.

.

නගෝයා නගරයේ ෂෝවා වෝඩ්හි සමාගම් සේවකයෙකු විසින් අයිචි ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කළ චිත්‍ර ශිල්පියෙකු වන ටාරෝ ඔකමොටෝගේ “Tower of the Sun” නම් නිර්මාණය විනාශ කර තිබේ.

ඒ අනුව පොලිසිය විසින් ඔහුව වහාම අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ(23) සවස 4.45 ට පමණ මෙම පුද්ගලයා එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර තිබූ නිර්මාණයට තම අතින් හානි කර ඇත.

කෞතුකාගාරයට අනුව Okamoto විසින් මෙම මූර්තිය 1970 දී නිර්මාණය කරන ලද අතර එය Kawasaki හි Taro Okamoto කලා කෞතුකාගාරයෙන් ණයට ගෙන ජනවාරි මාසයේ සිට පැවති විශේෂ ප්‍රදර්ශනයක ප්‍රදර්ශනය කළේය.  

85 Views

Comments