මෝටර් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටී කාන්තාවක් ජීවිතක්ෂයට


ඇය සකුරා හරදා නම් 35 හැවිරිදි කාන්තාවකි.

.

ඔකායාමා ප්‍රාන්තයේ ඔකායාමා නගරයේ පොලිසිය විසින් 29 හැවිරිදි තරුණයෙකු ‍රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු පදවාගෙන ගිය මෝටර් රථය බයිසිකලයක් පැදවූ 35 හැවිරිදි කාන්තාවකගේ ගැටීමෙන් ඇය මරණයට පත්වී තිබේ.

සකුරා හරදා නම් අදාල කාන්තාව සිය බයිසිකලයෙන් හරස් මාර්ගයක යමින් සිටියදී සමාගමේ සේවකයෙකු වන නඕකි මයෙහාරා විසින් පැදවූ වාහනය ඇයගේ ගැටී ඇත. 

හරදා රෝහලට ගෙන යන ලද අතර එහිදී හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පැයකට පමණ පසු මිය ගිය බව පොලිසිය පවසයි.

 

105 Views

Comments