ජපානයේ ප්‍රබල භූ කම්පනයක්


භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

.

උතුරු ජපානයේ හොක්කයිඩෝ නගරයේ මීට සුළු මොහොතකට පෙර භූ කම්පනයක් හටගෙන තිබේ.

එය මැග්නිටියුඩ් 6.1 ක ප්‍රබල භූ කම්පනයක් බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ රාත්‍රී 10.27 ට පමණ කිලෝමීටර් 60ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බවයි.

කෙසේවෙතත් භූමිකම්පාවෙන් පසු සුනාමියක් අපේක්ෂා නොකරන බවද දෙපාර්තමේන්තුව පවසයි.

 

151 Views

Comments