Hakone ගිනි කන්ද අවට  ඇවිද යාමට වසර හතකට පසු අවසර


සංචාරක ආකර්ෂනය දිනූ කනගාවා ප්‍රාන්තයේ Hakone දර්ශනීය  නගරයේ Owakudani නිම්නය අවට සොබාදහම වින්දනය කරමින් ඇවිද යාමට වසර ?

.

සංචාරක ආකර්ෂනය දිනූ කනගාවා ප්‍රාන්තයේ Hakone දර්ශනීය  නගරයේ Owakudani නිම්නය අවට සොබාදහම වින්දනය කරමින් ඇවිද යාමට වසර හතකට පෙර සිදු වූ සුළු ගිනිකදු පුපුරා යාම වලින් අනතුරුව සංචාරකයන්ට ඉතා ඉක්මනින් අවස්ථාව ලැබෙන බව  ආරංචි මාර්ග පවසයි.

 

ජපානය පුරා මේ වන විට පනවා ඇති කොවිඩ්  හදිස්සි තත්වය ලිහිල් කළ වහාම මෙම මාර්ගය විවෘත කිරීමට එම ප්‍රාන්ත කවුන්සලය බලාපොරොත්තු වේ.ඔවුන් තවදුරටත් පවසා ඇත්තේ එහි පැමිණෙන සියලු සංචාරකයන්ගේ ආරක්ෂාවට ඉවහල් වන සියලුම ක්‍රියාමාර්ග මේ වන විටත් ඒ අවට සූදානම් කර ඇති බවයි.

 

කෙසේ වෙතත් එය නැරඹීමට පැමිණීය හැකි සංචාරකයන්ගේ සංඛ්‍යාව සහ එහි රැඳී සිටි හැටි කාලය සීමා කිරීමට බලාපොරොත්තු වන බව ඔවුන් නිවේදනය කර ඇත.

Comments