මියගිය මවගේ සිරුර නිවසේ සැඟවූ පුත්‍රයා කොටුවේ


සැකකරු 59 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

87 හැවිරිදි තම මවගේ දේහය නිවසේ තබාගෙන ඇයගේ මරණය පිළිබඳව බලධාරීන්ට දැනුම් නොදීම සම්බන්ධයෙන් 59 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු හ්යෝගෝ ප්‍රාන්තයේ Kato හි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව Shinichi Higashijima නම් අදාල සැකකරුගේ මව පෙබරවාරි 16 වෙනිදා නිශ්චිත හේතුවක් නොමැතිව මියගොස් ඇත.

තම මව මියගොස් ඇති බව දැකීමෙන් තමා කම්පා වූ බවත්, අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කිරීමට කුමක් කළ යුතු දැයි තමා නොදන්නා බවත්, ඒ නිසා දේහය ඇගේ නිදන කාමරයේ තැබූ බවත් ඔහු පොලිසිය හමුවේ පවසා තිබේ.

මරණයට හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය ප්‍රකාශ කළේය.

85 Views

Comments