තෝකියෝ මෙට්‍රොපොලිටන් රජයේ නිලධාරීන් විසින් උමං මාර්ගවලට ගංවතුර ගලා ඒම වැළැක්වීම සඳහා උමං දුම්රිය ස්ථාන පිවිසුම්වල ෂටර් සහ ගේට්ටු සවි කිරීමට සැලසුම් කරයි.
ජපානයේ මෑත වසරවලදී බලවත් කුණාටු නිතර නිතර ඇති වූ බැවින් ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නාගරික ප්‍රදේශවලට අධික ලෙස ගංවතුර ඇතිවනු ඇතැයි තෝකියෝ බලධාරීන් බිය වෙති.
ඇතැම් අවස්ථාවල දී උමං මාර්ග කිලෝමීටර් 60 කට වඩා යටවිය හැකි බව ඔවුන් ගණන් බලා ඇත.
ඒ අනුව 2040 මැද භාගය වන විට උමං මාර්ග පිවිසුම් 65 ක ෂටර් සහ ගේට්ටු සවි කිරීමට නිලධාරීන් දැන් සැලසුම් කර ඇත. වාතාශ්‍රය ලබා දෙන උපකරණ හරහා ජලය ඇතුළු වීම වැළැක්වීමට පියවර ගැනීමට ද ඔවුන් සැලසුම් කර ඇත.
සමහර ඉදිකිරීම් කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මුළු වියදම ඩොලර් මිලියන 220 ක් පමණ වේ.