ක්‍රීඩකයෙක්ට පහරදුන් වොලිබෝල් උපදේශකවරයෙක් අත්අඩංගුවට


වසර 35 ක් උපදේශකයෙකු ලෙස සේවය කර ඇත.

.

ඊයේ(17) දින පැවති පුහුණුවීමක් අතරතුර පිරිමි වොලිබෝල් සමාජයේ සාමාජිකයකුට පහරදීම සම්බන්ධයෙන් සැකපිට චිබා ප්‍රාන්ත පොලිසියේ Funabashi පොලිස් ස්ථානය විසින් Funabashi නාගරික Funabashi උසස් පාසලේ Toshihiro Ishii නම් එම සමාජයේ උපදේශකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අදාල වොලිබෝල් සාමාජිකයාගේ කොණ්ඩයෙන් අල්ලා ඇදගෙන ගොස් කිහිප වතාවක්ම වොලිබෝලයකින් මුහුණට පහර දී ඇත.

මෙම සමාජය 1990 දී ජාතික උසස් පාසල් වොලිබෝල් ශූරතා තරඟාවලිය ජයග්‍රහණය කළ අතර ප්‍රාන්ත ශූරතා 45 කින් සමන්විත සමාජයකි.  

එමෙන්ම 1988 දී ගුරුවරයෙකු ලෙස බඳවා ගත් Ishii වසර 35 ක් උපදේශකයෙකු ලෙස සේවය කර ඇත.

119 Views

Comments