උතුරු කොරියාව විසින් තවත් බැලස්ටික් මිසයිල දෙකක් අද සදුදා දින උදෑසන ගුවන් ගත කර ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.පළමු මිසයිලය අද උදෑසන 8.49ට සහ දෙවැන්න 8.52 ට වශයෙන් මෙම මිසයිල ගුවන් ගත වී ඇති බව ජපාන ආරක්ෂක අමාත්‍ය Kishi Nobuo මාධ්‍යයට තහවුරු කරන ලදි.
වැඩි දුරටත් සනාථ වන පරිදි මෙම මිසයිල කිලෝමීටර් 50ක ඉහළ අහසක පියාසර කළ හැකි වන අතර කිලෝමීටර් 300 ක දුර ප්‍රමාණයක් ගමන් කළ හැකියාව පවතී.මෙම මිසයිල උතුරු කොරියානු නැගෙනහිර වෙරළ තීරයේ පතිත වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම් ජපානයේ ඇතුළු කලාපීය ආරක්ෂාවට දිගින් දිගටම තර්ජන එල්ල කරමින් පවතී.