ජපානයේ දරු උපත් සංඛ්‍යාව පහළට


එය පළමු වතාවට 800,000 දක්වා පහත වැටී තිබේ.

.

2022 වසරේ ජපානයේ උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව 1899 වසරෙන් පසු පළමු වතාවට 800,000 දක්වා පහත වැටී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මූලික දත්තවලට අනුව මුළු උපත් සංඛ්‍යාව සියයට 5.1 කින් අඩු වී 799,728 ක් විය.  2033 දී උපත් 800,000 ට වඩා පහත වැටෙනු ඇතැයි 2017දී රජය පුරෝකථනය කලත් එය ඊට පෙර පහත වැටී තිබේ.

දිගුකාලීන COVID-19 වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ජීවන රටා වෙනස්වීම්, පසුකාලීනව විවාහ වීමේ හෝ කිසිසේත්ම විවාහ නොවී සිටීමේ ප්‍රවණතාව මෙම අඩුවන උපත් අනුපාතය උග්‍ර කිරීමට හේතු වී ඇතැයි සැලකේ.

 

131 Views

Comments