නොසැලකිලිමත් රිය ධාවනයෙන් සිසුන් තිදෙනෙක් මරු තුරුලට


මෝටර් රථය පෙරළී ගොස් සංඥා කණුවක සහ ආරක්ෂක වැටක ගැටී ඇත.

.

චිබා ප්‍රාන්තයේ ෆුට්සු නගරයේ දී වයස අවුරුදු 17 සහ 18 යන වයස්වල උසස් පාසල් සිසුන් හතර දෙනෙකු යමින් සිටි කුඩා මෝටර් රථයක් පෙරළීමෙන් සිසුන් තිදෙනෙකු මියගොස් තිබේ.

18 හැවිරිදි උසස් පාසැල් සිසුවෙකු අලුයම 12:25 ට පමණ ෆුට්සු නගරයේ ජාතික මාර්ග 465 හි T-හැඩැති මංසන්ධිය අසල පැයට කිලෝමීටර් 94 ක් හෝ ඊට වැඩි වේගයකින් රිය පදවා තිබේ.

පසුව වංගුවක් ආසන්නයේදී මෝටර් රථය පෙරළී ගොස් සංඥා කණුවක සහ ආරක්ෂක වැටක ගැටී ඇති බව වාර්තා වේ.

රිය පැදවූ උසස් පාසල් සිසුවා සිහිසුන්ව සිට රෝහල් ගත කර ඇති අතර ඔහු සුවය ලැබූ පසු ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

 

186 Views

Comments