මධ්‍යම ජපානයේ පැසිෆික් වෙරළට ඔබ්බෙන් සවිකර තිබූ දිය යට භූමිකම්පා නිරීක්ෂණ පද්ධතියක් බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසා ඇත. ඒජන්සිය සිකුරාදා පවසා සිටියේ නිරීක්ෂණ ස්ථාන පහෙන් හතරක් සාමාන්‍යයෙන් දත්ත යවන බව තහවුරු කළ බවයි.
Shizuoka සිට Mie ප්‍රාන්ත දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු පත්ලේ ස්ථාපනය කර ඇති පද්ධතිය භූමිකම්පා සහ ජල පීඩනය නිරීක්ෂණය කරන අතර මෙම තාක්ෂණික ගැටලුව බලගතු භූමිකම්පාවක් සඳහා හදිසි අනතුරු ඇඟවීමක් තත්පර 13 ක් දක්වා ප්‍රමාද වීමට හේතු විය හැක.
නිලධාරීන් පවසා ඇත්තේ වෙරළට ඔබ්බෙන් වූ පස්වන ස්ථානයෙන් ලැබෙන දත්තවල තවමත් අක්‍රමිකතා පවතින බව හා එම ස්ථානයට පහළින් භූමිකම්පාවක් ඇති වුවහොත් හදිසි අනතුරු ඇඟවීම තත්පර 3 කින් ප්‍රමාද විය හැකි බවයි.