නිවසක් කොල්ල කෑ අයෙක් අත්අඩංගුවට


ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි පුද්ගලයායි.

.

ෆුකුෂිමා ප්‍රාන්තයේ මිනමිසෝමා නගරයේ නිවසකට මිනිසුන් කිහිපදෙනෙකු කඩා වැදී ගෙහිමියාට බරපතල තුවාල සිදු කර මුදල් සොරකම් කරගෙන ගොස් ඇත.

ඒ අනුව මංකොල්ලකෑමට සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 20 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි පුද්ගලයායි.

අදාල සැකකරු පෙබරවාරි 26 වන දින සවස 3:15 ත් 3:30 ත් අතර මිනමිසෝමා නගරයේ නිවසකට කඩා වැදී එහි ගෙහිමියාට සහ ඔහුගේ බිරිඳට පොල්ලකින් පහර දී ඔවුන්ට තර්ජනය කර යෙන් 100,000 ක පමණ මුදල් සහ වටිනා ලෝහ සොරකම් කළ බවට සැක කෙරේ.

අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවට විශ්වාස කෙරෙන අතර අනෙක් පුද්ගලයා සොයා ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

88 Views

Comments