Covid-19 ඉව කිරීමට සුනඛයන් පුහුණු කෙරෙයි


සුනඛයන් යනු  ගන්ධයන් ඉව කරමින්  ලෝකය පුරා බොහෝ අපරාධ විමර්ශන කටයුතු වලට  සහය දක්වන ජීවී කොට්ඨාශයකි.

.

සුනඛයන් යනු  ගන්ධයන් ඉව කරමින්  ලෝකය පුරා බොහෝ අපරාධ විමර්ශන කටයුතු වලට  සහය දක්වන ජීවී කොට්ඨාශයකි.

 

මොවුන් යොදා ගෙන විද්‍යාඥයන් කළ නවතම පර්යේෂණය වන්නේ ඇතැම් රෝගවලින් ආසාදනය වූ රෝගීන් ගේ ප්‍රාශ්වාස වාතය  ඉවකර ඒ හරහා ඒ හා සමාන රෝගයන් සහිත රෝගීන් හඳුනා ගැනීමයි. මේ අනුව ලොව පුරා පැතිර යන  covid 19  රෝග කාරකය ද ඒත් සුනඛයන් යොදා ගනිමින් හඳුනාගත හැකි බව  ඔවුන් පර්යේෂණ හරහා මේ වන විට තහවුරු කරගෙන ඇත.

 

සුනඛයන් සතු මෙම සුවිශේෂී හැකියාව  මේ වන විටත් ඇතැම් ගුවන්තොටුපල වල සහ  මහජනයා රැස්වන ස්ථාන වලදී පරික්ෂා කර ඇති අතර එය සාර්ථක බව ද ඔවුන් පවසා ඇත. මේ අනුව සුනඛයන් යොදා ගනිමින් කොවිඩ්  ආසාදිතයන් හඳුනා ගනිමින්  මෙම වසංගතය තව තවත් ලොව පුරා ව්‍යාප්ත වීම ඉතා විගස නැවැත්වීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වේ .

293 Views

Comments