ආහාර සිරවීමෙන් වයෝවෘද්ධ කතක් ජීවිතක්ෂයට


ඇය වැඩිහිටියන් සඳහා වූ විශේෂ සාත්තු නිවාසයක සිටි අයෙකි.

.

Aichi ප්‍රාන්තයේ Kasugai හි වැඩිහිටියන් සඳහා වූ විශේෂ සාත්තු නිවාසයක සිටි වයෝවෘද්ධ කාන්තාවක් ආහාර උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබේ.

අදාල කාන්තාව ඩිමෙන්ශියාව හේතුවෙන් දිගුකාලීන රැකවරණයක් අවශ්‍ය බවට සහතික කර ඇති අතර 2019 පෙබරවාරි මාසයේදී එම ආයතනයට ඇතුළු වී තිබේ.

ඇය පසුගිය දිනක ආහාර ගනිමින් සිටියදී ආහාර හිරවී ඇති අතර එමගින් හෘදය හා පෙනහළු අක්‍රීය වී ඇති බව වාර්තා වේ.

 

131 Views

Comments