රෝහලට කඩා වැදුණු මෝටර් රථයේ රියදුරු කොටුවේ


ඔහු කොරියානු ජාතිකයෙකි.

.

ඕසකා හි රෝහලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු පෙරේදා(01)  මියගොස් තිබුණි.

මේ වනවිට එම අනතුර සිදුකළ 71 හැවිරිදි මෝටර් රථයේ රියදුරු වන දකුණු කොරියානු ජාතික Oh Chang Su පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරින් මියගිය දෙදෙනා පස්වරු 2:45 ට පමණ ඉකුනෝ අයිවා රෝහලේ දොරටුව අසල සිටි බවට විශ්වාස කෙරේ.

එම ස්ථානය අසල තිබූ ආරක්ෂිත කැමරාවක දැක්වෙන්නේ මෝටර් රථය පදික වේදිකාවට ගොස් රෝහලට කඩා වැදීමට පෙර වැරදි දිශාවට ධාවනය කරන ආකාරයයි.

අනතුරින් ගෑස් කාන්දුවක් ද ඇති වූ බැවින් අවට පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.  

ඕසකා ගෑස් සමාගමට අනුව කාන්දුව යථා තත්ත්වයට පත් කර ඇති අතර අවට ප්‍රදේශයට කිසිදු බලපෑමක් සිදු නොවීය.

 

74 Views

Comments