ප්‍රවීණ සැක්සෆෝන් වාදකයෙක් අභාවප්‍රාප්ත වෙයි


මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.

.

ජෑස් සැක්සෝෆෝන් වාදක වේන් ෂෝටර් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 89 හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ මරණයට ප්‍රතිචාර දක්වමින් සැක්සෝෆෝන් වාදක සදාඕ වටනබේ පැවසුවේ 1960 ගණන්වල එක්සත් ජනපදයේ ඉගෙනුම ලබමින් සිටියදී ඔවුන් දෙදෙනා මිතුරන් වූ අතර ඔවුන් බොස්ටන්හි ප්‍රසංගයක්ද පැවැත්වූ බවයි.

එමෙන්ම ෂෝටර් බොහෝ විට සිය මහල් නිවාසයට පැමිණ රාත්‍රියේ මත්පැන් පානය කළ බවත් සාමාන්‍යයෙන් ඔහු බීමත්ව සිටින විට ප්‍රීතියෙන් සිටි බවත් වටනබේ සිය මතකයන් අවදි කරමින් පැවසීය.

116 Views

Comments