හොංකොං නිරෝධායන කඳවුරක මිනිසුන් දැඩි අර්බුදවල


ආසියාවේ පෝසත්ම නගර අතරින් එකක් ව තිබියදීත් හොංකොං නගරය එහි නිරෝධායන මධ්‍යස්ථාන වල වෙසෙන  පුද්ගලයන්ට ඔවුන්ගේ

.

ආසියාවේ පෝසත්ම නගර අතරින් එකක් ව තිබියදීත් හොංකොං නගරය එහි නිරෝධායන මධ්‍යස්ථාන වල වෙසෙන  පුද්ගලයන්ට ඔවුන්ගේ අවශ්‍යතා නිසි පරිදි පූර්ණය කර ගැනීමට පහසුකම් ලබාදීමට නොහැකිවීම සම්බන්ධව වාර්තා වී ඇත.

 

කඳවුරු වාසීන්ට පැය ගණන් විදුලිය,දුරකථන සංඥා නොමැතිව සිටීමට සිදුවී ඇති අතර  ඇතැම් දිනවල දවස මුළුල්ලේ ආහාරද ලැබී නොමැති  බව වාර්තා වේ.කදවුර තුළ සිටින ඇතැම් පුද්ගලයන් හට ඉන් පිටවී යාමට කාලය එළඹ තිබුණ මුත් ඔවුන් සම්බන්ධව ලියකියවිලි හරියාකාරව නොමැති හෙයින් එම පුද්ගලයන්ට ඉන් පිට වීමට නොහැකිව සිටින බවද වාර්තා වේ.

 

හොංකොං රජයේ මෙම  ක්‍රියාපටිපාටිය හේතුවෙන් අපහසුවට පත් බොහෝ ජනයා මේ වන විටත් දැඩි කලකිරීමකින්  පසුවන අතර ඔවුන් රජයට විරුද්ධව කලහාකාරී වීමටත් ඉඩ ඇති බව ඇතැමුන් පවසයි. බොහෝ පුද්ගලයන්ගේ මතය වන්නේ  රජය ක්‍රියාපටිපාටීන් ගැන පමණක් අවධානය යොමුකර ඇතිමුත් පුද්ගලයන් පිළිබඳව සාවදාන වී නොමැති බවයි.

 

Source: japantimes.co.jp

Comments