වයෝවෘද්ධ යුවලක් ඝාතනය කළ අයෙක්ට මරණ දණ්ඩනය


නගෝයා දිසා අධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය.

.

2017 මාර්තු මාසයේදී මහලු යුවලක් ඝාතනය කළ පුද්ගලයෙකුට ඊයේ(04) දින මරණ දණ්ඩනය නියම වී ඇත.

ඒ අදාල සැකකරු සොරකම් කිරීමේ අරමුණින් මෙම යුවළ ඝාතනය කර ඇති බවට නගෝයා දිසා අධිකරණය තීන්දු කිරීමෙන් පසුවය.

2019 මාර්තු මාසයේ පැවති පළමු නඩු විභාගයේදී, මෙම කොල්ලය සැලසුම් සහගතව සිදු නොවන්නට ඇතැයි තීරණය කළ අධිකරණය, 48 හැවිරිදි යමඩා නම් මෙම සැකකරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

නමුත් නගෝයා මහාධිකරණය මෙම මාසයේදී තීන්දුව වෙනස් කළේය.  

 

137 Views

Comments