නවතම පර්යේෂණයකට අනුව කොරෝනා වෛරසය එම ආසාදිත කාන්තාවන්ගේ වැදෑමහට හානි කළ හැකි අතර උපත් මරණ වලට ද හේතු විය හැකි බව සනාථ වී තිබේ .
ගර්භනී කාන්තාවන් සම්බන්ධයෙන් මෙය ඉතා දුර්ලභ සිදුවීමක් වන අතර එහෙත් අදාළ එන්නත් ලබාගෙන සිටින කාන්තාවන්ට මෙම අවධානම ඉතා අඩු බවත් පර්යේෂකයන් පවසා ඇත.
ඇමරිකානු එක්සත් ජනපදය ඇතුළු රටවල් 12ක පර්යේෂක වරුන් උපත් මරණ හැටහතරක් සහ ඉපදීමෙන් ටික වෙලාවකට පසු මරණයට පත්වූ ළදරුවන් හතර දෙනකු යොදාගෙන මෙම පර්යේෂණ සිදුකර තිබේ.එම සියලු සිදුවීම් එන්නත ලබා නොතිබූ කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් ආශ්රයෙන් සිදු කළ බව ඔවුන් පවසා ඇත.