චිනෝ නමින් හැඳින්වෙන ජපන් වේදිකා නාට්‍ය නිළියක් තෝකියෝ දිස්ත්‍රික් අධිකරණය හමුවේ Managi Izutaro නම් නීතීඥයෙකුට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
ඒ ඔහු විසින් ඇයට ලිංගික හිරිහැර කළ බවට චෝදනා කරමිනුයි.
මේ අනුව ඇය වන්දි වශයෙන් යෙන් මිලියන 11ක් හෙවත් ඩොලර් 80,000ක් පමණ ඉල්ලා සිටී.
එමෙන්ම ඔහු අයත් තෝකියෝ නීතිඥ සංගමයට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසටද ඇය ඉල්ලා සිටී.