රුසියානු සබ්මැරීනයක් ජපාන මුහුදේදී කෲස් මිසයිලයක් අත්හදා බලයි


මිසයිලය සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

.

රුසියානු සබ්මැරීනයක් ජපාන මුහුදේදී කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන Petropavlovsk-Kamchatsky නම් සබ්මැරීනය අභ්‍යාසයකදී Kalibr මිසයිලයක් මෙලෙස දියත් කර තිබේ.

අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වෙන්නේ සබ්මැරීනය ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් ප්‍රදේශයෙන් පිටත්ව ගොස් මිසයිලය මුහුදට එල්ල කළ බවයි.

එම අමාත්‍යාංශය පවසන්නේ මිසයිලය කිලෝමීටර් 1000කට වැඩි දුරකින් පිහිටි පුහුණු ක්ෂේත්‍රයක නියමිත ඉලක්කයට වැදී ඇති බවයි.

යුක්රේනයේ යටිතල පහසුකම්වලට පහර දීම සඳහා රුසියානු හමුදාව Kalibr මිසයිල භාවිතා කර ඇත.

මෙම නවතම අභ්‍යාසය යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාව සමඟ අමනාප වී සිටින එක්සත් ජනපදයට සහ ජපානයට අනතුරු ඇඟවීමක් ලෙස සිදු කර ඇති බවට විශ්වාස කෙරේ.

 

96 Views

Comments