යට ඇඳුම් හොරා මාට්ටු


ලොන්ඩරියකින් කාන්තා යට ඇඳුම් සොරකම් කළ අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

.

ඉබරාකි ප්‍රාන්තයේ මිටෝ හි පොලිසිය විසින් ලොන්ඩරියකින් කාන්තා යට ඇඳුම් සොරකම් කළ බවට සැකපිට 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පවසන පරිදි ඉරිදා අලුයම 12.30 ට පමණ මෙම සිදුවීම සිදුව ඇත.  

ටකුමි ටොමිටා නම් මෙම සැකකරු යට ඇඳුම් සොරකම් කර මෝටර් රථයකින් පලායාමට උත්සාහ කරන විට 60 හැවිරිදි ලොන්ඩරි හිමිකරු මෝටර් රථයේ බොනට්ටුවේ එල්ලී ඔහුව නැවැත්වීමට උත්සාහ කර තිබේ.

ටොමිටා ඔහුව හප්පා පලාගොස් ඇත.

ලොන්ඩරි හිමිකරුට බරපතල තුවාල සිදුවී නොමැති බව පොලිසිය පවසයි.

132 Views

Comments