H3 දියත් කිරීම අසාර්ථකයි!


එය Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ(07) දියත් කිරීමට තීරණය කර තිබුණි.

.

ජපානයේ H3 රොකට්ටුව දියත් කිරීම අසාර්ථක වී තිබේ.

ඒ දෙවන අදියරේදී එන්ජිම ක්‍රියාත්මක නොවී මෙහෙයුම අත්හිටුවීම හේතුවෙනුයි.

H3 යානය නිරිතදිග ජපානයේ Tanegashima අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඊයේ(07) පෙරවරු 10:37 ට දියත් කිරීමට නියමිතව තිබුණි.

ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය නොහොත් JAXA ට අනුව ගුවන්ගත වී මිනිත්තු අටකට පමණ පසු දෙවන අදියරේ එන්ජිම ජ්වලනය කිරීම තහවුරු කර නොමැති බව නිවේදනය කරන ලදී.

ඒ අනුව පෙරවරු 10.52 ට පමණ රොකට්ටුව ස්වයං-විනාශ කිරීමට නියෝග කරන ලදී.

මෙම රොකට්ටුව ජපානයේ විශාලතම රොකට්ටුව වන අතර එහි උපරිම උස මීටර් 63 කි.

වසර 30කට පමණ පසු ජපානය නිපදවූ පළමු විශාල රොකට්ටුවද එයයි. 

 

104 Views

Comments