80 හැවිරිදි මවකගේ මරණය සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගැනේ.


මහලූ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් තවත් කාන්තාවක් අත්අඩංගුවට ගනී

.

Niigata ප්‍රාන්තයේ පොලිසිය විසින් 57 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් තම නිවසේදී 80 හැවිරිදි තම මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය පවසන පරිදි Teruko Maeda ඇගේ මව Tamiko Azuma ට බඩට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා ඇත. 

 

මයෙඩා තම බාල සොහොයුරාට කතා කර ඔවුන්ගේ මවට සිහිය නැති වී සාලයේ බිම වැතිර සිටින බව පවසා ඇත. ඉන් අනතුරුව සොහොයුරා පැමිණ 119 ට කතා කර ඇත. 

 

අසුමාව රෝහලට රැගෙන ගියත් ඇය එහිදී මිය ගොස් ඇත. මියගිය කාන්තාවගේ සිරුරේ තැලීම් කිහිපයක් දැකීමෙන් පසු රෝහල පොලිසියට දැනුම් දී ඇත. පොලිසිය පවසා සිටියේ අඟහරුවාදා අත්අඩංගුවට ගත් මයෙඩා චෝදනාව පිළිගෙන ඇති බවයි

124 Views

Comments