මංකොල්ලකෑමකට සම්බන්ධ අයෙක් කොටුවේ


මංකොල්ලයක් සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනාගෙන් අවසන් පුද්ගලයා මොහුය.

.

පසුගිය මාසය අගභාගයේ ඊසානදිග ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ මංකොල්ලයක් සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයන් තිදෙනාගෙන් අවසන් පුද්ගලයා ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.  

පොලිසිය විශ්වාස කරන්නේ ඔවුන් තිදෙනා අන්තර්ජාලය හරහා සම්බන්ධ වී ඇති බවයි.

සැකකරු ටෝකි නාගීසා නම් 22 හැවිරිදි රැකියා විරහිත තරුණයෙකි.

පොලිසිය මීට පෙර තවත් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් එක් අයෙක් තෝකියෝවේ ටමා නගරයේ 20 හැවිරිදි ඉදිකිරීම් සේවකයෙකු වන අතර අනෙක් පුද්ගලයා හචියෝජි නගරයේ 20 හැවිරිදි  පාසල් සිසුවෙකු වේ.

112 Views

Comments