H3 අසාර්ථකවීමත් සමග Mitsubishiහි කොටස් මිල පහළට


Mitsubishi Heavy Industries හි කොටස් මිල ඊයේ(07) දින ශීඝ්‍ර ලෙස පහත වැටුණි. 

.

ජපානයේ H3 රොකට්ටුව දියත් කිරීම අසාර්ථක වීමත් සමඟ රොකට් එකලස් කිරීමේ වගකීම දරන Mitsubishi Heavy Industries හි කොටස් මිල ඊයේ(07) දින ශීඝ්‍ර ලෙස පහත වැටුණි.  

පෙරවරු 10.00 වන විට කොටසක් යෙන් 5,100 ක් ලෙස ගනුදෙනු වූ නමුත් අසාර්ථකත්වය වාර්තා වීමත් සමග පෙරවරු 11:00 න් පසු කොටසක් යෙන් 4,900 ක් ලෙස ගනුදෙනු විය.

රොකට්ටුවේ සම-සංවර්ධකයින් වන JAXA සහ Mitsubishi Heavy Industries වසර නවයකට පෙර මෙම ව්‍යාපෘතිය දියත් කළ දා සිට යෙන් බිලියන 200ක් පමණ මේ සඳහා වියදම් කර ඇත.

 

58 Views

Comments