සොහොයුරාට පිහි ප්‍රහාරයක් එල්ල කළ අයෙක් අත්අඩංගුවට


ඔහු 41 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

අකිටා ප්‍රාන්තයේ යොකොටේ පොලිසිය විසින් 41 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ තම 44 හැවිරිදි සහෝදරයාට මාරාන්තික ලෙස පිහියෙන් ඇනීමට සැකපිටයි.

පොලිසියට අනුව ඊයේ(08) අලුයම 2:50 ට පමණ Atsushi Tsukisawa නම් අදාල සැකකරු ඔහුගේ සහෝදරයා වන Satoshi ගේ බඩට පිහියකින් ඇන ඇති බව වාර්තා වේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

තම සොහොයුරාට පිහියෙන් ඇන්න බව සුකිසාවා පිළිගෙන ඇති නමුත් එයට හේතුව පවසා නොමැති බව වාර්තා වේ.

 

114 Views

Comments