Hokuto Site Solar Power Plantහි තඹ කේබලයක් සොරකම් කළ සැකකරු සොයා විමර්ශන


දෙසැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ මෙම සිද්ධිය සිදුව ඇත.

.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී Yamanashi ප්‍රාන්තයේ Hokuto නගරය විසින් මෙහෙයවනු ලබන Hokuto Site Solar Power Plantහි තඹ කේබලයක් සොරකම් කරන ලදී.  

දෙසැම්බර් මස 04 සහ 05 යන දෙදින තුළ මෙම සිද්ධිය සිදුව ඇති අතර බලාගාරයේ වළදමා තිබූ විදුලි සම්ප්‍රේෂණය සඳහා වූ තඹ කම්බි කේබලයේ මීටර් 3000ක් පමණ දිගක් කපා තිබූ අතර ඉන් අඩක් පමණ සොරකම් කර ඇත. 

මේ හේතුවෙන් සාමාන්‍ය විදුලි උත්පාදන ක්‍රියාකාරිත්වයෙන් 40% ක් පමණ අහිමි විය.  

බලාගාරයේ ආරක්ෂක කැමරා වැනි ආරක්ෂක උපකරණ නොතිබී ඇති අතර සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.

 

108 Views

Comments