කාබන් මොනොක්සයිඩ් ආඝ්‍රහනය වී ජල නල කාර්මිකයෙක් ජීවිතක්ෂයට


ඔහු 53 හැවිරිදි කෙයිචි යමඩා නම් අයෙකි.

.

පසුගිය 7 වන දින සවස 3:40 ට පමණ ගුන්මා ප්‍රාන්තයේ කිරියු නගරයේ හිරෝසාවා-චෝහි පොලව යට ජල නල වැඩිදියුණු කිරීමේ යෙදෙමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු හදිසියේ අසනීප වී රෝහල් ගතකර තිබේ.

එහිදී 53 හැවිරිදි කෙයිචි යමඩා නම් එක් පුද්ගලයෙකු රෝහලේදී මියගොස් ඇත.

අනෙක් තිදෙනා සිහියෙන් සිටින බව පැවසේ.

කිරියු පොලිස් ස්ථානයට අනුව ඔවුන් වැඩ කරමින් සිටි ස්ථානයේ කාබන් මොනොක්සයිඩ් තිබී ඇති බවට අනාවරණය වී තිබේ.  

122 Views

Comments