6 වන සතියටත් ජපානයේ  ගැසොලින් මිල ඉහළ යයි


ජපාන රජය මැදිහත් වීමෙන් සහනාධාර ද ලබාදෙමින් ජපාන ගැසොලින් මිල පාලනය කිරීමට තැත් කළ ද 6 වන සතියටත්

.

ජපාන රජය මැදිහත් වීමෙන් සහනාධාර ද ලබාදෙමින් ජපාන ගැසොලින් මිල පාලනය කිරීමට තැත් කළ ද 6 වන සතියටත්  එය නිරන්තර ඉහළ යාමකට ලක්වි ඇති බව රජයේ දත්ත තොරතුරු වාර්තා කර ඇත .

 

සාමාන්‍ය gasolin ලීටරයක සිල්ලර මිල යෙන් 171.40 දක්වා පසුගිය සදුදා ඉහළ ගියේය. මේ අතර රජය  මෙතෙක් ලබා දුන් යෙන් 5ක සහනාධාරය එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා තව සතියක කාලයක් පුරා පවත්වා ගැනීමටද ඔවුන් තීරණය කර ඇත.  

 

ජපානයේ ආර්ථික වෙළෙඳ හා කර්මාන්ත අමාත්‍යාංශය නිවේදනය කර සිටියේ ඔවුන් අනුමාන කළ පරිදි පසුගිය සදුදා වන විට gasolin ලීටරයක මිල යෙන් 175.20ක් විය යුතුව තිබූ බවයි.එහෙත් රජය විසින් ලබාදුන් සහනාධාරය හේතුවෙන් එම මිල ඉහළ යාම පාලනය වූ බව ඔවුන්ගේ අදහසයි .

 

 

 

Comments