සුෂි අවන්හලකදී සෝයා සෝස් බඳුනකට කට දමාගෙන සිදුකළ විහිළුවක් සමාජ මාධ්‍යවල පළ කළ තිදෙනෙකු ජපාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව 21 හැවිරිදි Yoshino Ryoga සහ තවත් තරුණයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මධ්‍යම ජපානයේ Nagoya නගරයේ Kura Sushi අවන්හලේදී ඔවුන් තිදෙනා මෙම විහිළුව සිදු කර ඇත්තේ පෙබරවාරි 3 වන දින බව වාර්තා වේ.
අවන්හලෙන් සිදුවූ හානිය පිළිබඳ වාර්තාව පොලිසියට ඉදිරිපත් කළේය.