කසායි තකේෂි තනතුරෙන් ඉවතට


ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ ප්‍රධාන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේය.

.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ බටහිර පැසිෆික් කලාපයේ ප්‍රධාන අධ්‍යක්ෂ කසායි තකේෂි තනතුරෙන් ඉවත් කර තිබේ.

බෝවන රෝග පිළිබඳ ප්‍රවීණයෙකු වන මෙම ජපන් වෛද්‍යවරයා 2019 සිට බටහිර පැසිෆික් කලාපයේ ප්‍රාදේශීය ප්‍රධානියා ලෙස සේවය කළ අතර එහිදී ඔහු ආසියාවේ කොරෝනා වෛරස් වසංගතය වැළැක්වීමේ උත්සාහයන් මෙහෙයවීය.

එහෙත් පසුගිය වසරේ ඔහුට නිවාඩු ලබා දුන්නේ කාර්ය මණ්ඩලය ඔහුට ජාතිවාදී ප්‍රකාශ කළ බවට චෝදනා කිරීම හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුව එම චෝදනා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කළේය.

103 Views

Comments