Nissan සිය EV නිශ්පාදනයට මුලපුරයි..


සුප්‍රසිද්ධ Nissan සමාගමේ ඇමරිකානු අංශය වන Nissan America පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ...

.

සුප්‍රසිද්ධ Nissan සමාගමේ ඇමරිකානු අංශය වන Nissan America පසුගියදා මාධ්‍යයට ප්‍රකාශ කළේ, තම සමාගම විද්‍යුත් වාහන නිෂ්පාදනයට වැඩි නැඹුරුවක් දැක්වීමේ සමාගමේ දැක්ම මත පිහිටා, ඇමරිකානු අංශය ඒ සඳහා වැඩි දායකත්වයක් සැපයීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව, වර්තමාන Nissan America නිෂ්පාදනාගාර පරිශ්‍රය විද්‍යුත් වාහන නිෂ්පාදනය වෙනුවෙන් නවීකරණය කිරීමේ කටයුත්ත සඳහා ඔවුන් විසින් ඇමරිකානු ඩොලර් මිලියන 500ක් ආයෝජනය කරන්නට යන බව වාර්තා වේ. වර්ෂ 2025 වන විට විද්‍යුත් වාහන වර්ග දෙකක් වෙළඳ පළට නිකුත් කිරීම ඔවුන්ගේ අරමුණ බව පැවසේ. තවද, වර්ශ 2030 වනවිට ඇමරිකාව තුළ Nissan වාහන අලෙවියෙන් 40%ක් විද්‍යුත්  එන්ජින් වාහන කිරීමද ඔවුන්ගේ මූලික අරමුණක් බව සමාගම හෙළි කරන ලදී.

234 Views

Comments