එකම පන්තියේ මිතුරාට පිහියකින් පහරදුන් දාහතර හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට 


Mie ප්‍රාන්තයේ Nabari ප්‍රදේශයේ පාසලක දාහතර හැවිරිදි සිසුවෙකු ඔහුගේ පන්තියේම සම වයසේ මිතුරෙකුට පාසලේ කොරිඩෝවේදී

.

Mie ප්‍රාන්තයේ Nabari ප්‍රදේශයේ පාසලක දාහතර හැවිරිදි සිසුවෙකු ඔහුගේ පන්තියේම සම වයසේ මිතුරෙකුට පාසලේ කොරිඩෝවේදී බෙල්ලට  පිහි ඇනුමක් සිදුකළ හේතුවෙන් එම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

එදින උදෑසන 10 ට පමණ පන්ති කාමරයෙන් පිට කොරිඩෝවේදී එම සිදුවීම සිදුවී ඇති අතර තුවාල ලැබූ සිසුවා  වහාම රෝහල් ගත කර තිබුණි.කෙසේ වෙතත් වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය අනුව ඔහුට සිදුවී ඇති තුවාලය  ජීවිත අවදානමකින් තොර බව පවසයි.

 

පිහි ඇනුම සිදුකළ සිසුවා  ඒ මොහොතේ එතනින් පළා ගියමුත්  එදිනම සවස 2 ට පමණ  ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් නිසා මේ සිදු වූ බව ඔහු ප්‍රකාශ කර ඇත.

 

133 Views

Comments