මව ඝාතනය කළ දියණිය


පොලිසිය විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

.

සිය 56 හැවිරිදි මව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට 33 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ඔසාකා ප්‍රාන්තයේ සෙට්සු හි පොලිසිය ඊයේ(12) ප්‍රකාශ කළේය.

පොලිසියට අනුව යසුකෝ යමඩා නම් සැකකාරිය ඇගේ මව වන අට්සුකෝට පහර දී ඝාතනය කර තිබේ.

අට්සුකෝගේ නාසය කැඩී, අත කැඩී ඉළ ඇටයට හානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

තමා සහ ඇගේ මව නිතර රණ්ඩු වන බවත් තම මවට පහර දී ආරවුල නැවැත්වීමට පමණක් අදහස් කළ බවත් යමඩා පොලිසියට පවසා තිබේ.

111 Views

Comments