පිරිමි ළය ආර ඉසව්වෙන් ඔලිම්පික් රන් පදක්කම් හතරක් දිනූ 40 හැවිරිදි Kosuke Kitajima හෝල් ඔෆ් ෆේම් වෙත ඇතුළත් වන බව ජාත්‍යන්තර පිහිනුම් සංගමය ඊයේ(14) නිවේදනය කළේය.
ඊට අදාල උත්සවය සැප්තැම්බර් 30 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා හිදී පැවැත්වේ.
කිටාජිමා සිය මංගල ඔලිම්පික් උළෙල සඳහා 2000 දී සිඩ්නිහිදී සහභාගී විය.
ඔහු 2004 ඇතන්ස් සහ 2008 බීජිං ඔලිම්පික් උළෙලේදී මීටර් 100 සහ මීටර් 200 රන් පදක්කම් දිනා ගත් අතර 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙල දක්වා අඛණ්ඩව ඔලිම්පික් තරඟ හතරකට සහභාගී විය.