හිටපු ජපාන අග්‍රාමාත්‍ය Shinzo Abe විසින් පසුගිය පෙබරවාරි 27 වනදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින්, "ඇමරිකාව විසින් ඉදිරිපත් කරන ලද න්‍යෂ්ටික අවි සහයෝගීතා ගිවිසුමට ජපානයේ එකඟවීම සුදුසු බවට" සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ වන විට ජපාන ජනතාවගෙන් විරෝධතා එල්ල වෙමින් තිබේ.
හිරෝෂිමා න්‍යෂ්ටික අවි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් පුද්ගලයින්ගේ සංගමය, මේ වන විටත් ඉතා ආවේගශීලීව හිටපු අග්‍රාමාත්‍යවරයා විවේචනය කර තිබේ. එම සංගමයේ සාමාජික සහ හිරෝෂිමා න්‍යෂ්ටික අවි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් අයෙකු වන, 79 හැවිරිදි Toshiyuki Mimaki පවසා සිටියේ, හිටපු අග්‍රාමාත්‍යවරයා විසින් ම පනවන ලද තුන් වැදෑරුම් න්‍යෂ්ටික විරෝධී ප්‍රතිපත්ති ඔහු විසින් ම උල්ලංඝනය කිරීමට යෝජනා කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම ගිවිසුමට ජපානය කිසිලෙසකින්වත් එකඟ නොවන බවට පෙරේදා පාර්ලිමේන්තුවේදී වර්තමාන අගමැති Fumio Kishida තහවුරු කර සිටියේය.