ගල් පෙරලා දරුවෙක් මරන්නට තැතක්..


ඔසාකා ප්‍රාන්තයේ මියාකොජිමා හි පිහිටි තට්ටු 15කින් සමන්විත මහල් ගොඩනැගිල්ලක...

.

ඔසාකා ප්‍රාන්තයේ මියාකොජිමා හි පිහිටි තට්ටු 15කින් සමන්විත මහල් ගොඩනැගිල්ලක ඉහළ මහලක සිට පහල ගමන් කරමින් සිටි කුඩා දරුවෙකු වෙත විශාල ගල් පෙරලා ඝාතනය කිරීමට තැත් කිරීමක් සම්බන්ධව ඔසාකා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

පසුගිය 17 වන දා පස්වරු 4:30 ට පමණ, එකොළොස් හැවිරිදි මෙම පිරිමි දරුවා මෙම ගොඩනැගිල්ලේ ඇතුළුවීමේ දොරටුව වෙත ගමන් කරමින් සිටින අතර, ඉහළ මහලක සිට පළමු ගල් දෙක එල්ල වී ඇති අතර තුන්වන ගල ඔහු ලෙස එල්ල වන විට ඔහු ආරක්ෂිතව ගොඩනැගිල්ල තුලට දිව විත් තිබේ. පොලිසිය පවසන පරිදි සිතාමතාම මෙම දරුවා ඝාතනය කිරීමට මෙකී ගල් පෙරළා ඇති බව පෙනී යන බව පැවසේ.

ජායාරූපය: mainichi

138 Views

Comments