ජපානයේ පාසල් සිසුන් අතර සියදිවි නසාගැනීම් ඉහළට


ළමුන් 514 දෙනෙකු 2022 දී සියදිවි නසාගැනීමෙන් මියගොස් ඇත.

.

ජපානයේ ප්‍රාථමික, කනිෂ්ඨ සහ උසස් පාසල්වල ඉගෙනුම ලබන ළමුන් 514 දෙනෙකු 2022 දී සියදිවි නසාගැනීමෙන් මියගොස් ඇති බව රජයේ දත්ත මගින් අනාවරණය වී තිබේ.

ඒ අනුව 2022 දී ප්‍රාථමික පාසල් සිසුන් 17 ක්, කනිෂ්ඨ උසස් පාසල් සිසුන් 143 ක් සහ උසස් පාසල් සිසුන් 354 ක් සියදිවි නසාගෙන තිබේ.

2020 දී ආරම්භ වූ කිරීටක වෛරස් වසංගතයේ දිගුකාලීන බලපෑම මෙම සංඛ්‍යාවේ වැඩිවීමට හේතු විය හැකි බව සියදිවි නසාගැනීම් වැළැක්වීමේ පියවර පිළිබඳව කටයුතු කරන අමාත්‍යාංශ නිලධාරියෙක් පැවසීය.

127 Views

Comments