දකුණු කොරියානු ජනාධිපති සහ ජපාන අගමැති අතර හමුවක්


දකුණු කොරියානු ජනපති අද(16) ජපානයට පැමිණියේය.

.

දකුණු කොරියානු ජනපති Yon Seo Yeol ප්‍රථම වරට අද(16) ජපානයේ සංචාරයක් සඳහා පැමිණියේය.

ඒ අනුව අද සවස් වරුවේ ඔහු ජපාන අගමැති කිෂිඩා හමුවී ජපානය සහ දකුණු කොරියාව අතර ඇති විශාලතම ප්‍රශ්නය බවට පත්ව ඇති කොරියානු අර්ධද්වීපයේ හිටපු කම්කරුවන් පිළිබඳ නඩු ප්‍රශ්නය පිලිබඳ සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි සහ මිසයිල තර්ජනය වර්ධනය වන විට ජපාන-දකුණු කොරියානු සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සහ ආරක්ෂාව වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට මග පෑදීමද ඔහුගේ සැලසුමයි. 

 

52 Views

Comments