මාර්ග සංඥා නොතකමින් ඉතා අනතුරු දායක ලෙස තම මෝටර් රථය ධාවනය කරමින් 36 හැවිරිදි යතුරුපැදි ධාවකයකු අනතුරට ලක් කර මරණයට පත් කිරීම සම්බන්ධයෙන් Chiba ප්රදේශයේ විසිහත් හැවිරිදි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචිමාර්ග වලට අනුව පසුගිය බදාදා පෙරවරු පහට පමණ Hanamigawa ප්රදේශයේ මං සන්ධියක දී එම අනතුර සිදුවී ඇත . Shogo Oshima නම් වූ මෙම පොලිස් නිලධාරියා තම මෝටර් රථය මාර්ග සංඥා නොතකමින් ඉදිරියට රැගෙන යාමේදී ඔහුගේ වම් පසින් පැමිණී මෙම යතුරුපැදිකරු අනතුරට ලක්වී ඇති අතර ඔහුව රෝහලට ගෙන යන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇත.