චීන නෞකා දෙකක් ජපන් මුහුදට අනවසරයෙන් ඇතුළු වේ


ඊයේ උදෑසන නෞකා දෙක ජපන් මුහුදට ඇතුළු වී තිබේ

.

ඊයේ(16) උදෑසන සෙන්කාකු දූපත් ආසන්නයේ චීන රජයේ නෞකා හතරක් ජපන් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවත් ජපාන ධීවර බෝට්ටු දෙකක් පසුපස හඹා යන බවක් පෙනෙන්නට තිබූ බවත් වාර්තා වේ.

ජපාන වෙරළාරක්ෂක බළකාය පවසන්නේ මෙම යාත්‍රා උට්සුරි දූපත සහ මිනමිකොජිමා අසල පිහිටි ජපන් මුහුදු සීමාවට පෙරවරු 6.40 ත් 7 ත් අතර කාලය තුළ ඇතුළු වූ බවයි.

ඒ අනුව ධීවර යාත්‍රාවල ආරක්‍ෂාව තහවුරු කිරීමටත් චීන යාත්‍රාවලට මුහුදු සීමාවෙන් පිටවන ලෙසට අනතුරු ඇඟවීමටත් වෙරළාරක්‍ෂක භටයන් මුර සංචාර යාත්‍රා යවා ඇත.

සෙන්කාකු දූපත් ආශ්‍රිත ජපානයේ මුහුදු සීමාවේ චීන රජයේ නෞකා දැකගත හැකිවූයේ මේ වසරේ අටවැනි වරටයි.

 

84 Views

Comments