පසුගිය සදුදා දින Gifu ප්‍රාන්තයේ Ogaki ප්‍රදේශයේදී දුම්රිය පොල පොළක සේවකයෙකුට එක්තරා පුද්ගලයෙකු විසින් පිහියකින් පහර දී තුවාල කර ඇත.
Ogaki දුම්රිය ස්ථානයේදී පසුගිය සදුදා දහවල් 12.50ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර තිස් දෙහැවිරිදි මෙම දුම්රිය සේවකයා ඔවුන්ගේ සේවක කාමරයට ඇතුළු වීමත් සමග එහි සැඟ වී සිටි මෙම පුද්ගලයා එම සේවකයාට පිහියකින් පහරදී තුවාල සිදුකර ඇත. සේවකයන් නිතර සේවක කාමරයට යන එන බැවින් එය ඕනෑම මොහොතක විවෘත කර ඇති බවත් ඒ අවසරෙන් මෙම පුද්ගලයා මෙතනට පිවිස සිටින්නට ඇති බවත් දුම්රිය ස්ථානාධිපති වරයා පවසා ඇත.
කෙසේ නමුත් මෙම පුද්ගලයා පහරදී පැනගොස් ඇති අතර ඔහු 165cm පමණ උස සම්පූර්ණයෙන් කළු ඇඟලුමක් දවටාගෙන මුඛ ආවරණයක්ද පැළඳ සිට ඇත.